ඔබ උපන්නේ මාසයේ….
පළමුවන දා නම්,
ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.
2දා උපන් ඔබට,
හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගත හැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ ධෛර්ය්ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසික අසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.
මාසයේ 3 වන දින උපන් ඔබ,
පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.