Subscribe:

Ads 468x60px

Labels

Friday, December 21, 2012

Windows Phone 8 පෙනුම ඔබේ Android දුරකථනයටත්

 වින්ඩෝස් ෆෝන් 8 ගැන කතා කරද්දි ගොඩක් අයට මතක් වෙන්නෙ මයික්‍රොසොෆ්ට් සමාගම අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ (මොඩර්න්) ටයිල් ඉන්ටර්ෆේස් එක. දැන් එය ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ටච් ස්ක්‍රීන් සහිත ජංගම දුරකථන හා ටැබ්ලට් වලටත් මේ අලුත් අතුරුමුහුණත බොහොම සාර්ථකයි. කෙසේ වුවත්  ඇන්ඩ්‍රොයිඩ්  ජංගම දුරකථන හා ටැබ්ලට් භාවිතා කරන අයට මේ අත්දැකීම ලබා ගන්නට බැහැ. නමුත් මේ ලිපියෙන් ඔබට හඳුන්වා දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට මෙට්‍රෝ (මොඩර්න්) ඉන්ටර්ෆේස් එක ලබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන.
Windows 8


මේ සඳහා සාර්ථකව භාවිතා කළ හැකි ඇප් එකක් ප්ලේ ස්ටෝ එකෙහි බාගත කර ගැනීම සඳහා තිබෙනවා. ඒ LauncherWP8. ඔබටත් පහත සබැඳියෙන් එය බාගත කළ හැකියි.
                                                Download Launcher 8

මේ මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ හෝම් ස්ක්‍රීන් එක මෙන්ම ලොක් ස්ක්‍රීන් එකද වින්ඩෝස්8 ආකාරයට වෙනස් වෙනවා. එසේම ඔබගේ ගැලරි, මියුසික් ආදී ඇප්ස් වලට සරිලන ටයිල්ස්ද හෝම් ස්ක්‍රීන් එකට එකතු වනවා. මේවා ඔබ කැමති පරිදි වෙනස් කරගත හැකියි.

ඉතින් මගේ වැඩේ හොදනම් එකක් Comment දැම්මට මම තරහා වෙන්න නැ ! 

0 comments:

Post a Comment